දැක්ම

දකුණු පළාත සංචාරක ගමනාන්තයක් වශයෙන් ජනප්‍රිය කරවීම

හැඳින්වීම

රටක විදේශ විනිමය උත්පාදනය කිරීමේ ප්‍රමුඛ මාර්ගයක් වශයෙන් සංචාරක ක්ෂේත්‍රය හැදින්විය හැකිය. සොබා සෞන්දර්යය මෙන්ම පෞරාණික සංස්කෘතික වටිනාකම් වලින් පොහොසත් රටක් වශයෙන් ශ්‍රි ලංකාවද සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකොට ඇත. ලොව පුරා සංචාරක ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත ඇද බැද ගැන්ම සදහා රටක් වශයෙන් දරණ උත්සාහයට අත්වැලක් සපයමින් දකුණු පළාත තුල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙහිලා කටයුතු කරන එකම රාජ්‍ය ආයතනය වශයෙන් රුහුණු සංචාරක කාර්යංශය හදුන්වා දිය හැකිය.

සංචාරක ව්‍යාපාරයට අදාල ජාතික සැලසුම් හා ප්‍රතිපත්ති වලට අනුකූලවන පරිදි දකුණු පළාතේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම රුහුණු සංචාරක කාර්යංශයේ ප්‍රධාන පරමාර්ථය වේ.මෙහිදි විශේෂයෙන්ම දේශීය සංචාරක කටයුතු නගාසිටුවීම හා විදේශීය සංචාරක කටයුතු පිළිබඳ ප්‍රවර්ධනය කිරිම යන අංශ දෙක කෙරෙහි අවධානය යොමුකෙෙර්. මේ යටතේ දකුණු පළාතේ සංචාරක සේවා දිරිගැන්වීම, නව සංචාරක ස්ථාන හදුනා ගැනීම ,ප්‍රවර්ධනය කිරීම හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය, ක්ෂේත්‍රය හා සම්බන්ධ මානව සම්පත් සංවර්ධනය, සංචාරක සේවා සපයන ආයතන හා සංචාරක සේවාවන්ට සම්බන්ධ සංවිධාන හා හවුල්කාර පුද්ගලයින්ට අවශ්‍ය උපකාර කිරීම සිදුකෙෙර්. 2016 හා 2017 වර්ෂවල රු.මි 140 කට ආසන්න ප්‍රතිපාදන යොදවා දකුණු පළාතේ සංචාරක කටයුතු ප්‍රවර්ධනයකිරීම උදෙසා රුහුණු සංචාරක කාර්යංශය විසින් ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත.

විශේෂයෙන් දකුණු පළාතට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සදහා සංචාරක මාර්ගෝපදේශකයින් පුහුණු කිරීම වාර්ෂිකව සිදුකරනු ලබන අතර 2016 වර්ෂයේදී මාර්ගෝපදේශකයන් 37 ක් පුහුණු කර බලපත්‍ර ලබාදී ඇත. නිවැරදි තොරතුරු ලබාදීම හා සංචාරකයින්හට සිදුවන හිරිහැර අවම කිරීම අරමුණු කොට සිදුවන සංචාරක මාර්ගෝපදේශක පුහුණුව නිසා රැකියා ප්‍රශ්නයට විසදුමක් සේම දකුණු පළාතට පිවිසෙන සංචාරකයින් සඳහා ගුණාත්මක සේවාවක් ලබාගැනීමේ අවස්ථාවද උදාකර ඇති බව සතුටින් ප්‍රකාශකර සිටිමු.