නීතිය හා සාමය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන සහ සංචාරක යන ක්ෂේත්‍රයන්ට අදාල ජාතික ප්‍රතිපත්තීන්ට අනුව වඩා යහපත් පරිපාලනයක්, ප්‍රතිපත්ති සැලසුම්කරණයක් සහ අනෙකුත් හවුල්කාර ආයතනයන් සම්බන්ධීකරණය ඔස්සේ දකුණු පළාතේ ජනතාවට ප්‍රශස්ත සේවාවක් සැපයීම සඳහා අපගේ අමාත්‍යාංශය කැපවී සිටී.
ඉහත සඳහන් ක්ෂේත්‍ර සඳහා වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කිරීම, පිරිවැය ඇස්තමේන්තුකරණය, අධීක්ෂණය හා ඇගයීම අප අමාත්‍යාංශයේ ප්‍රධාන සංවර්ධන කාර්යයන් වේ.
අපේ විෂය පථය
- නීතිය සහ සාමය
- සෞඛ්‍ය
- පළාත් පාලනය
- ආයුර්වේදය
- ප්‍රවාහනය
- සංචාරක
ප්‍රධාන ක්‍රියාකාරී ක්ෂේත්‍රයන්
ප්‍රධාන ක්‍රියාකාරී ක්ෂේත්‍රයන් වනුයේ නීතිය හා සාමය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන සහ සංචාරක යන ක්ෂේත්‍රයන් වන අතර ඒවා අමාත්‍යාංශයේ පහත දැක්වෙන අංශ යටතේ ක්‍රියාත්මක වේ.
ගිණුම්
ඉහත සඳහන් අංශවල සංවර්ධන සැලසුම් සඳහා මූල්‍ය සම්පත් කළමනාකරණය කිරීම.
ආයතන
දකුණු පළාතේ ජනතාවට උපරිම සේවාවක් සැපයීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත්, පුහුණු අවශ්‍යතා සහ සේවක තෘප්තිය සැළසීම මගින් වඩා යහපත් සේවයක් සහතික කිරීම පිණිස ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනයන් හි සේවකයන්ගේ රැකියාවන් හා සම්බන්ධ කටයුතු මෙහෙයවීම.
සෞඛ්‍ය
දකුණු පළාතේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව හරහා සෞඛ්‍ය සේවා සහ සේවක සම්බන්ධතා පරිපාලනය.
පළාත් පාලන
දකුණු පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව හරහා පළාත් පාලන ආයතන පරිපාලනය කිරීම.
සැලසුම්
- පළාතේ සංවර්ධන කටයුතු සඳහා සියළු වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කිරීම.
- සියළු සංවර්ධන සැලසුම් සඳහා ඇස්තමේන්තු සකස් කිරීම
- සංවර්ධන කටයුතු පරීක්ෂා කිරීම සහ පාලනය කිරීම.
- ප්‍රගති අධීක්ෂණය.
- අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්රඥප්ති සකස් කිරීම.
තොරතුරු තාක්ෂණ ඒකකය
අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා සංවර්ධනය කිරීම.